සෙව්වන්දියකට  පෙම්  බැන්දා 

අශා  දහසක්  රස  වින්දා
නටු  අග  කටු  මත  කටුක  බව  දැනී
හදවත  පාරයි  වේදනා...//

නව  යෞවන  හද  පෙම්  උයනේ
දහසක්  මල්  මට  හිනැහෙනවා
මටම  නොතේරෙන  කරුණක්  වේ
සෙව්වන්දියකට  හිත  යනවා

සෙව්වන්දියකට.../

රුව  ලස්සන  නෙත්  දෙකට  පෙනේ
සුවදක්  නහයට  ලං  වෙනවා
එනමුදු  කටු  අග  විස මතුවේ
සෙව්වන්දිය  හිත  රිදවනවා

සෙව්වන්දියකට...//