ලෙයින් ලියා දුන් ආදර කවියේ

අකුරු සුදු ඔයා හැඬෙව්වද
සමාවෙන්න මට ලියා දුන්නෙ මං
ඔබට නොතේරෙන ආදරය
පණට වඩා මං ඔබට පෙම් කලේ
මෙහෙම ගින්දරක් විඳින්නද
සමුගෙන යනකොට මා දුන් කවියෙන්
වැටහෙයි මා පෙම් කළ තරම
වැටහෙයි මා පෙම් කළ තරම

ලියාදුන්නෙ මං එකම කවියයි
ඔබට තියාගන්න
තුරුළු කරගෙන අදින් පසු එය
ඔබ නිදාගන්න
පිහිට වෙන්නම් කවදා හෝ ඔබ
අසරණ වූ දාට
ඈතින් ඉඳගෙන මං ගී ගයනෙමි
ඔබ තනිවුනු රෑක
ඔබ තනිවුනු රෑක

ආදරේ ගැන කවි ලියන්නට
කියාදුන්නු ඔබ
ආදරේ දුක තියා ගියදා
කඳුළු පමණි මට
පළමු සෙනෙහස නාමයෙන් පණ
වුනත් පුදමි මම
ඔයා මිස මට මගේ පණවත්
වටින්නැහැනෙ මට
වටින්නැහැනෙ මට

ලෙයින් ලියා දුන් ආදර කවියේ
අකුරු සුදු ඔයා හැඬෙව්වද
සමාවෙන්න මට ලියා දුන්නෙ මං
ඔබට නොතේරෙන ආදරය
පණට වඩා මං ඔබට පෙම් කලේ
මෙහෙම ගින්දරක් විඳින්නද
සමුගෙන යනකොට මා දුන් කවියෙන්
වැටහෙයි මා පෙම් කළ තරම
වැටහෙයි මා පෙම් කළ තරම