නාන් දීන් තිලක නදින්

කොහොඹ කලේ ඔලුවේ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන් කෝලම් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් භාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා
පෝලිං ගැහිලා වරෙන් සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා

පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා
මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා
ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා
ඉතින් දෝස බංග වෙන්න නටමු මැද්දට පැනලා

නාන් දීන් තිලක නදින්
කොහොඹ කලේ ඔලුවේ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන් කෝලන් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා
පෝලිං ගැහිලා වරෙන්සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා 

කතරමේ ගුණ වරුණේ සැමට කියාලා
මම හතර වටින් ගොතන්නෙමි කාවඩි බයිලා
අතර මැදින් පැනලා මල් මාල ගෙනැල්ලා
ඉතින් නතර නොවී නටලා ආරූඩ වෙයල්ලා

නාන් දීන් තිලක නදින්
කොහොඹ කලේ ඔලුවේ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන් කෝලම් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා
පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා